IMG_8302_11zon.jpg
IMG_8310_11zon.jpg
IMG_8300_11zon.jpg
ne.jpg
hp.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

අ‍නේක විධ තුරුලතාවන් ගැවසීගත් සාරපලයෙන් හා නිරන්තරයෙන් බිඟුවැල් සරන්නා වූ පුෂ්ප මකරන්දයෙන් හෙබි , මනරම් කඳු ගැටයක් මත රමණීය භූමි භාගයක , අලව්ව නාරම්මල ප්‍රධාන මාර්ගයට මායිම්ව වෙන්නොරුව විජයබා විදු පියස පිහිටා ඇත. 1953 වර්ෂයේ වෙන්නොරුව විද්‍යාලය නමින් ඇරඹි වෙන්නොරුව මහා විද්‍යාලය ලෙස දිනෙන් දින අභිවෘද්ධිය කරා පැමිණ , 50 වන සංවත්සරයේදී ව/ගිරි/ වෙන්නොරුව විජයබා මහා විද්‍යාලය ලෙස පුනර්ජීවනය ලබන ලදී. සිසුන් 13 ක් වැනි ප්‍රමාණයකින් සිය ජීවන ගමන අරඹා භෞතික හා මානව සම්පත් සංවර්ධනයේත් , අධ්‍යාපන සංවර්ධනයේත් නිම් වළලු පුළුල් කර ගනිමින් , මේ වනවිට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 473 දෙනෙකුගේ නැණ ගුණ පාදමින් සිටියි. මේ මහඟු සත් කාර්යයට උරදෙන වර්තමාන අධ්‍යයන කාර්ය කාර්ය මණ්ඩලය 36 ක් වන අතර අනධ්‍යයන කාර්ය මණ්ඩලය 06 දෙනෙකි. විවිධ සමාජ ස්ථරයන් , සමාජ කේන්ද්‍රයන් නියෝජනය කරමින් ලක් මාතාවගේ සංවර්ධනයට උර දෙන අගනා දරු පරපුරක් රටට දායාද කළ විජයබා මාතාව මතුවටත් එවන් පරපුරක් තැනීමේ සත් කාර්යයේ නියැලෙමින් සිටී.

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

දිවි ගමනේදී හමුවන අභියෝගයන්ට නොබියව මුහුණදිය හැකි ගුණ නැණ නිපුණතාවයෙන් යුතු නොසැලෙන අධිෂ්ඨානයෙන් හා නිදහස් චින්තනයෙන් පිරි පරිසර හිතකාමි,විනය ගරුක හා සමබර පෞරුෂයෙන් යුතු ක්‍රියාශීලී ශ්‍රී ලාංකිකයෙකු බිහිකිරිම.

දෙවන වාර පරීක්ෂණය 2023

students

teachers

years of service

class rooms

විජයබා මහා විද්‍යාලය