වෙන්නොරුව විජයබා මහා විද්‍යාලය ආරම්භ වූයේ 1953 ඔක්තෝබර් 11 වන දිනදීය. එවකට වෙන්නොරුව විහාරස්ථානයේ වැඩ සිටි වජිරඥාන නම් හිමි නමකගේ අනුශාසනාව අනුව ක්‍රියාත්මකව ඩී. ප්‍රැන්සිස් අරියඥාන තරුණ මහතා පාසල හැදීමේ පුරෝගාමියා විය. ප්‍රදේශවාසින්ගේ නොමද සහයෝගය ලබා ගෙන ශ්‍රමදාන පදනමින් දිවා රෑ නොබලා වෙහෙස වී භූමිය එළිපෙහෙළි කර කටු මැටි ගසා පොල් අතු සෙවිලි කළ ශාලාවක් සකසා එකල දඹදෙණිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ ආර්.ජී. සේනානායක මහතාගේ උදව්වෙන් රජයට පවරා දී ඇත. වයස් භේදයකින් තොරව ඇතුළත් කරගත් ළමුන් 13 දෙනෙකුගෙන් ඇරඹි පාසලට මුල් නම දී ඇත්තේ දෙවක්කර රජයේ මිශ්‍ර පාඨශාලාව නමිනි.
මෙහි නිර්මාතෘ ඩී. ප්‍රැන්සිස් අරියඥාන මහතා පසුකාලීනව ගුරු මණ්ඩලයට එක්වී විශ්‍රාම ලැබුවේ පාසලට මහා මෙහෙයක් කළ විදුහල්පතිවරයෙකු ලෙසිනි. දෙවක්කර, වෙන්නොරුව, වෑත්තෑව, ඉඩංගපොල, කිරිවානාපොල, මහරච්චිමුල්ල, විල්ගමුව, මිදෙල්ලගොල්ල, නාකලගමුව, මැදගමුව, කිවුලේගෙදර, ගිරානකන්ද, ඉලුක්පැලැස්ස, රුක්මලේ, දම්පැලැස්ස ආදී ගම් රැසක දරුවෝ දහස් ගණනක් මේ වනවිට වෙන්නොරුව විජයබා මහා විදුහලෙන් අධ්‍යාපනය ලබා ඇත.
ක්‍රම ක්‍රමයෙන් භෞතික හා මානව සම්පත් වලින් සංවර්ධනය වූ අප විදුහලෙන් පසුගිය වර්ෂ 70 ක කාලය තුළදී 1 සිට 13 ශ්‍රේණිය දක්වාම අධ්‍යාපනය ලබා සරසවි වරම් ලැබූ ආදි ශිෂ්‍යෙයා් බොහෝ වෙති. අප විද්‍යාලය ප්‍රෙද්ශයේ දරුවන් විශිෂ්ඨත්වය කරා රැගෙන යාමේ මහගු කර්තව්‍යෙය් නියැලෙමින් සිටී. රටට දැයට ප්‍රෙයා්ජනවත් ගුණ නැණින් පිරි පුරවැසියන් පිරිසක් අප විදුහලෙන් බිහිවනු දැකීම අපගේ අපේක්ෂාවයි.
|
ආරම්භ කළ වර්ෂය |
1953 ඔක්තෝබර් 11 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
13 |
|
මුල් ගුරුතුමාගේ නම |
කේ.ආර්. එවුදියස් මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩී. ප්‍රැන්සිස් අරියඥාන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
දෙවක්කර රජයේ මිශ්‍ර පාසල |
|
පාසල භාරව කටයුතු කිරීම |
කේ.ආර්. එවුදියස් මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1953 ඔක්තෝබර් 11 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
වෙන්නොරුව |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
එච්.පී.ඩී. කරුණාරත්න |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
කේ. ධර්මවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1953 ඔක්තෝබර් 11 |





