විදුහල්පති පණිවිඩය
S.A.W.B.M.N.S.K. අත්තනායක1953 සැප්තැම්බර් මස 11 වෙනි දින දරුවන් 13 කින් සහ එක් ගුරුවරයෙකුගෙන් ආරම්භ කරන ලද මෙම පාසල ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ නැගෙනහිර වෙන්නොරුව ග්‍රාමයේ පිහිටි එකම රජයේ ආයතනය වීම සුවිශේෂී කොට සැලකිය යුතුය. දර්ශනීය පරිසරයක පිහිටා ඇති මෙම පාසල මේ වනවිට දරුවන් 473 දෙනෙකුගේ ජීවිත ඒකාලෝක කිරීමට ඇඳුරු මඩුල්ල ඇප කැප වී ඉගැන්වීම් ක්‍රියාවලියට දායකත්වය සපයයි. ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක් නිර්මාණය කිරීම අපගේ දැක්ම වන අතර වර්තමාන විදුහල්පතිනිය ලෙස දිවි ගමනේදී හමුවන අභියෝගයන්ට නොබියව මුහුණ දිය හැකි ගුණ නැණ නිපුණතාවයෙන් යුතුව නොසැලෙන අධිෂ්ඨානයෙන් නිදහස්ව ක්‍රියාකරන දරු පරපුරක් සමාජයට දායාද කිරීමට මම අධිෂ්ඨාන කරගෙන සිටිමි. මෙම කාර්යයන් සඳහා දරුවන්ගේ විභව ශක්තීන් ආලෝකමත් කිරීම සඳහා පාසලේ ගුරුභවතුන් , දෙමව්පියන් , සුභ පතන්නන් , ආදී ශිෂ්‍යයන් යන සියලු පාර්ශවයන්ට අප හා අත්වැල් බැදගන්නා ලෙස සියලු දෙනාට මා ආරාධනා කරමි.
Mrs. S.A.W.B.M.N.S.K. අත්තනායක
විදුහල්පතිනිය
ව/ගිරි/විජයබා මහා විද්‍යාලය.





