නිර්මාතෘවරු

දෙවන වාර පරීක්ෂණය 2023

IMG_8310_11zon.jpg
IMG_8310_11zon.jpg

ඩී. ප්‍රැන්සිස් අරියඥාන

වෙන්නොරුව විජයබා මහා විද්‍යාලය ආරම්භ වූයේ 1953 ඔක්තෝබර් 11 වන දිනදීය. එවකට වෙන්නොරුව විහාරස්ථානයේ වැඩ සිටි  වජිරඥාන නම් හිමි නමකගේ අනුශාසනාව අනුව ක්‍රියාත්මකව ඩී. ප්‍රැන්සිස් අරියඥාන තරුණ මහතා පාසල හැදීමේ පුරෝගාමියා විය. ප්‍රදේශවාසින්ගේ නොමද සහයෝගය ලබා ගෙන ශ්‍රමදාන පදනමින් දිවා රෑ නොබලා වෙහෙස වී භූමිය එළිපෙහෙළි කර කටු මැටි ගසා පොල් අතු සෙවිලි කළ ශාලාවක් සකසා එකල දඹදෙණිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ ආර්.ජී. සේනානායක මහතාගේ උදව්වෙන් රජයට පවරා දී ඇත. වයස් භේදයකින් තොරව ඇතුළත් කරගත් ළමුන් 13 දෙනෙකුගෙන් ඇරඹි පාසලට මුල් නම දී ඇත්තේ දෙවක්කර රජයේ මිශ්‍ර පාඨශාලාව නමිනි.මෙහි නිර්මාතෘ ඩී. ප්‍රැන්සිස් අරියඥාන මහතා පසුකාලීනව ගුරු මණ්ඩලයට එක්වී විශ්‍රාම ලැබුවේ පාසලට මහා මෙහෙයක් කළ විදුහල්පතිවරයෙකු ලෙසිනි.