දෙවන වාර පරීක්ෂණය 2023

IMG_8310_11zon.jpg
IMG_8310_11zon.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

පූජ්‍ය එන්.ධම්මිස්සර හිමි

1953 වර්ෂයේ වෙන්නොරුව  ග්‍රාමයේ දෙවක්කර රජයේ මිශ්‍ර පාසල නමින් ඇරඹි අප පාසල පසුව වෙන්නොරුව විජයබා නමින් ප්‍රසිද්ධියට පත් කීර්තිමත් පාසලකි. ප්‍රදේශයේ දරු දැරියන් රැසක් අධ්‍යාපනය අතින් විශිෂ්ඨත්වය කරා රැගෙන යමින් ක්‍රම ක්‍රමයෙන් භෞතික හා මානව සම්පත් වලින් සංවර්ධනය වන අප පාසල පසුගිය වසර 70 ක කාලය තුළ 1 - 13 ශ්‍රේණිය දක්වාම අධ්‍යාපනය ලබා දෙමින් සරසවි වරම් ලබා දීමට සුවිශේෂී මෙහෙවරක් ඉටු කරමින් සිටී. රටට දැයට ප්‍රයෝජනවත් ගුණ නුවණින් පිරි පුරවැසියන් පිරිසක් ඉදිරියේදී ද වෙන්නොරුව විජයබා මහා විදුහලින් බිහිවනු දැකීම අපගේ අපේක්ෂාවයි. අප විද්‍යාලය සමඟ සම්බන්ධ වන සියලු පාර්ශවයන්ට අප පාසලේ වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනා කර සිටින අතර අප පාසලෙන් විශිෂ්ඨයින් රැසක් බිහි වේවායි ප්‍රාර්ථනා කරමි.

Mr. පූජ්‍ය එන්.ධම්මිස්සර හිමි
නියෝජ්‍ය විදුහල්පති
ව/ගිරි/විජයබා මහා විද්‍යාලය.