ගුණ නැණ පිරිපුන් උදාර දරුවන්
දෑ මෙහෙයට පුද කළ මෑණී
විහිදෙන ගුණ සුවඳින් අප සැනසු
විජයබා විදුහල් මෑණී
සෙවනේ වන් සුවහස් දූ දරුවන්
සුරු විරුකම් නිති ඔප ගැන්වූ
උදාහිරුය ඔබ සඳමඩලය ඔබ
ගයනෙමු ඔබ ගුණ ගී බැතිනී
ගුණ නැණ……………………..
තෙදති නැණැති හෙළ විරුවන් බිහිකළ
කිතු නම රැඳි පින්බර භූමි
අවිදු අඳුර බිඳ නැණ මග හෙලි කල
පහන් ටැඹය ඔබ විදු මෑණී
ගුණ නැණ……………………..





